US Agency for Global Media USAGM

News and Information from Around the World

16 Items
16 Sep 2026, 06:18 GMT

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු වී වසර 6ක සිර දඬුවම් ලබා සිටි ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පිරිනමනු ලැබූ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය දා අහෝසි කරනු ලැබී ය. ඥානසාර හිමියන්ගේ නඩු කටයුත්ත අද කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබුවේ, එවන් පසුබිමක ය.

Download options
16 Sep 2026, 05:11 GMT

"මේ තරගය කාන්තාවන්ට ගොඩක් අමාරු යි. ඒක ජය ගන්න තරම් ශක්තියක් ඇත්තට ම ඔවුන්ට නැහැ." ඒ, ලොව අපහසු ම දිගු දුර දිවීමේ (ultramarathon) තරගවලින් එකක් වන බාක්ලි මැරතන් තරගයේ අධ්‍යක්ෂ ලාසරස් ලේක්ගේ වචන යි. මේ දක්වා ඊට සහභාගී වූ 1,000කට ආසන්න පිරිසෙන් එය සම්පූර්ණ කිරීමට හැකි වී තිබෙන්නේ, 20 දෙනෙකුට පමණි. 2015 වසරේදී ඔහු මෙම ප්‍රකාශය කරමින්, එම ප්‍රකාශය වැරදි බව ඔප්පු කර පෙන්වන ලෙස අභියෝග කළ අතර, බ්‍රිතාන්‍ය ජාතික දුර දිවීමේ ක්‍රීඩිකාවකට එය එලෙස ම ඔප්පු කර පෙන්වීමට වසර නවයක් ගත විය.

Download options
16 Sep 2026, 02:44 GMT

වයස සති හයකට වැඩි සුනඛයෙකුගේ අයිතිකරුවන් හෝ එවැනි සුනඛයෙකු සිය භාරයේ තබා ගන්නා තැනැත්තන් එම සුනඛයා වාර්ෂිකව ජලභීතිකා රෝගයට එරෙහිව එන්නත් කිරීමට සහ වාර්ෂිකව අදාළ පළාත් පාලන ආයතනයේ ලියාපදිංචි කිරීමට කටයුතු කළ යුතු ය.

Download options
15 Sep 2026, 12:45 GMT

"මේ සිද්ධියේදී රුමේෂ් තරංග ලංකාවට ඇවිත් තියෙන්නේ ගුවන් යානා දෙකකින් ට්‍රාන්සිට් වෙලා. තුර්කි ගුවන් සේවයට අයත් ගුවන් යානා දෙකකින් තමයි ඔහු ඇවිත් තියෙන්නේ. එතනදී අපිට කියන්න අමාරුයි මේ ජවලින් වලට හානි වෙලා තියෙන්නේ කොහොම ද කියලා. ඒ නිසා තුර්කි ගුවන් සේවයට මේ ගැන පැමිණිල්ලක් කරලා තියෙනවා සිද්ධිය ගැන විමර්ශනයක් කරන්න කියලා."

Download options
15 Sep 2026, 11:06 GMT

රෝහල් ගතව සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ සම්බන්ධ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ලබන 22 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත නොතිසි නිකුත් කිරීමට නියෝග කළේය.

Download options
15 Sep 2026, 06:47 GMT

2024 ජනාධිපතිවරණය සමයේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන විසින් සිදු කරන ලද පැමිණිල්ලක් මත මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහ නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර යන අය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹීම තුළින් එවකට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු තිදෙනෙකු පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (සැප්. 15) තීන්දු කළේ ය.

Download options
15 Sep 2026, 03:28 GMT

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අහස වලාකුළින් බරව පවතින අතර, විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Download options
15 Sep 2026, 02:32 GMT

තමන්ට පාලන බලය ලැබුණේ "ආර්ථික ක්‍රියාකාරකම් ඇණ හිට තිබුණු නතර වී තිබුණු ආණ්ඩුවක බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, සැප්. 12 වන දා පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සමුළුව අමතමිනි.

Download options
14 Sep 2026, 12:21 GMT

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව පැවති විරෝධතා අතරතුර පළ කරනු ලැබූ අදහස්වලින් අධිකරණයට අපහාසයක් කර ඇති බව සඳහන් කරමින් හිටපු අමාත්‍යවරුන් ඇතුළු පිරිසකට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ල සලකා බැලීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා විසින් ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.

Download options
14 Sep 2026, 10:10 GMT

යුරෝපය සහ ආසියාව යා කරන, ලෝකයටම අතිශය වැදගත් නාවික මාර්ගයක් වන බාබ් අල්-මන්දාබ් (Bab al-Mandab) සමුද්‍ර සන්ධියේ පිහිටි ප්‍රධාන දූපතක බලය යේමනයේ හූති (Houthi) සටන්කාමීන් විසින් අල්ලාගෙන ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් එම වැදගත් වෙළෙඳ නාවික මාර්ගය කෙරෙහි ඔවුන්ගේ ග්‍රහණය තවත් ශක්තිමත් වී ඇත.

Download options
14 Sep 2026, 07:40 GMT

2021 වසරේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති විවාහක රූ රැජිණ අවසන් මහ තරගයේදී විවාහක රූ රැජිණ ලෙස තේරී පත්වූ පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ බලහත්කාරයෙන් ඉවත්කර ඇයට පහර දීම ඇතුළු චෝදනා ලබා සිටි කැරලයින් ජූරි සහ චුල්පත්මේන්ද්‍රා කුමාරපතිරණ යන විත්තිකාරියන් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.

Download options
14 Sep 2026, 04:06 GMT

වඩාත් කණස්සල්ලට කරුණ වන්නේ පෙනෙන මට්ටමේ පවතින ඔවුන්ගේ අරමුණු ය. ඒ පිළිබඳ තොරතුරු ද ඔවුන්ගේ සිතුවිලි ක්‍රියාවලිය සටහන් කළ විස්තරාත්මක වාර්තාවලින් හෙළි වී ඇත. මෙම සංකීර්ණ හා දීර්ඝ වාර්තා, OpenAIහි බොට්වරුන් තමන් සීමා කර තබා තිබූ පරිසරයෙන් මිදී, පාලනය කළ නොහැකි ලෙස හැකර් ක්‍රියාකාරකම්වල නිරත වූයේ කෙසේ ද සහ ඇයි ද යන්න සොයා බලන අඛණ්ඩ විමර්ශනවල ප්‍රධාන අවධානයට ලක්ව ඇත.

Download options
14 Sep 2026, 02:41 GMT

ජාතික ජන බලවේගය බලයට පත්වීමෙන් පසු පත් කරන ලද පළමු කතානායකවරයා වූ අශෝක රන්වලට සිය ආචාර්ය උපාධි සහතිකය ඉදිරිපත් කිරීමට නොහැකි වීම හේතුවෙන් ඇති වූ විරෝධය මත ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය. ඔහුගේ ඉවත් වීමෙන් පසු කතානායක ධූරයට පත් කරන ලද වෛද්‍ය ජගත් වික්‍රමරත්නට ද මේ වන විට විපක්ෂයෙන් විරෝධයක් එල්ල වී තිබේ.

Download options
11 Sep 2026, 02:40 GMT

හොඳ ස්පර්ශය (proper touch) සහ නරක ස්පර්ශය (improper touch) යන සංකල්ප පිළිබඳව මේ වන විට සමාජයේ වැඩි අවධානයක් යොමු වී තිබේ. ඒ, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පෙනී සිටින ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග ය. මෙම විවේචන සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්ගෙන් බීබීසී සිංහල විමසීය.

Download options
10 Sep 2026, 02:35 GMT

අල්ලපු ගෙදර CCTV එකෙන් ඔබේ පෞද්ගලිකත්වයට තර්ජනයක් ද? යම් ස්ථානයක සවි කර ඇති CCTV කැමරා පද්ධතියක් මගින් ඔබගේ පෞද්ගලිකත්වයට බාධාවක් සිදුවන බව හැඟෙන්නේ නම්, හෝ ඔබගේ නිවස දෙසට කැමරාවක් යොමු වී ඇති බව හැඟෙන්නේ නම් ඊට එරෙහිව ඔබට නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි ය. එහිදී ඔබ කළ යුත්තේ කුමක් ද?

Download options