US Agency for Global Media USAGM

News and Information from Around the World

← Back to Direct feed

තද වැසි, ප්‍රබල අකුණු සහ රළු මුහුදු තත්ත්වයක්: හදිසි කාලගුණික වෙනසට හේතුව කුමක් ද?

15 Sep 2026, 03:28 GMT
Download metadata bundle
BBC logo
Article තද වැසි, ප්‍රබල අකුණු සහ රළු මුහුදු තත්ත්වයක්: හදිසි කාලගුණික වෙනසට හේතුව කුමක් ද?

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අහස වලාකුළින් බරව පවතින අතර, විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.